Skip to main content

VMware Workstation සමඟ වැඩ කරමු.


VMware Workstation වචුවල් පරිගණක හසුරුවන්න පුළුවන් තැනක්. ඒ කියන්නෙ ඔයාගෙ පරිගණකය ඇතුලෙ තව පරිගණකයක් රන් කරන්න පුළුවන්. එකෙදි තියෙන වාසිය තමයි අපිට ඕන හැටියෙ අත්හදා බැලීම් කරන්න පුළුවන්. එතකොට හානි උනොත් හානිවෙන්නෙ වර්චුල් මැසිමටනෙ. ඒ වගේම ඕක මම හිතන විදියට ඕනෑම නෙට්වර්ක් පිළිබද හදාරන්නෙක් භාවිතා කරනවා. මොකද ඕකෙ අපට පහසුකම් සපයලා තියෙනවා වචුවල් මැසින් කීපයක් ඉන්ස්ටෝල් කරලා. ඒවා එකින් එක connect කර ගන්න. එතකොට අපිට අමතර රවුටර්, ස්විච්, පරිගණක,.... අනං මනං ඕනෙ නෑ. එක පරිගණකයයි VMware Workstation එකයි විතරයි ඕනෙ.


windows වර්චුවල් පරිගණකයක් ස්ථාපනය කරමු.

ඔයාට පුළුවන් පහල ලිංකුවෙන් ගිහින් VMware Workstation අවසාන සංස්කරණය භාවිතා කරන්න.
http://www.softpedia.com/dyn-postdownload.php?p=5341&t=4&i=1

ඒවගේම VMware Workstation, serial නම්බර් ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා.

HA2VM-220EP-3ZAN8-JR156-8CNHD
1V6JV-60H84-LZXV0-028G2-CA2HD
0V0HD-641E4-FZWK0-UH1EM-CAEP1
NG25P-AW2DN-RZ1V0-K8252-ACY0P
1V22N-4LK8H-TZ1N9-GR9Q2-92GK5


මුලින්ම මෙනුබාර් එකේ files > New virtual machine තෝරාදෙන්න. පහත රූප සටහන් බලන්න.


මෙහිදී setting සාමාන්‍යය ලෙස තිබියදී Next මත ඔබා ඉදිරියට යන්න.














මෙහිදී ඔබ ස්ථාපනය කිරීමට යන මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන්නේ කුමක් සදහා දැයි විමසයි. ඔව CD/DVD තැටියක් භාවිතා කරන්නේ නම්, Installer disc තෝරා දෙන්න.

එසේ නොමැතිනම් මෙහෙයුම් පද්ධතියේ බූටබල් iso image එකක් භාවිතා කරන්නේ නම්, installer disc image file යන්න තෝරා ඔබගේ iso image file එක Brows කර ලබාදිය හැක.

මෙහිදී ඔබ මෙහෙයුම් පද්ධතිය පසු වේලාවක ඉන්ස්ටෝල් කරන්නේ නම්, I will install the virtual operating system later යන්න තෝරාදිය හැක. දැන් Next කරන්න.

මෙහිදී windows product key එක ඉල්ලනු ලබයි. අත්‍යාවශ්‍ය නැත.
පසුව පරිගණකයට යූර් කෙනෙක් නිර්මාණය සදහා නාමයක් හා මුර පදයක් විමසයි. අත්‍යාවශ්‍ය නැත.

ඔබට සිතැඟි පරිදියක් කොට Next කරන්න.










මෙහිදී වර්චුවල් මැසිම සදහා නාමයක් විමසයි. එය ඔබට කැමති පරිදි ලබාදිය හැක.
ඊලගට අසන්නේ එය සේව් වීමට අවශ්‍යය තැනයි. එය ඕනෑනම් තොරා දිය හැක.

දැං Next කරන්න.










මෙහිදී ඔබගේ වර්චුවල් මැසිමට ලබාදෙන හාඩ් ඩිස්කයේ ප්‍රමාණය ලබා දෙන්න.

පසුව තිබෙන දෙක එතරම්ම වැදගත් නැත. කුමක් තිබුනත් කාරි නැත.

Next කරන්න.










දැං ඔබගේ වර්චුවල් මැසිම ගැන සවිස්තර විස්තරයක් ලබා දේ Customize Hardware මත ඔබා ඔබ එයට ලබා දෙන රැම් ප්‍රමාණය ඇතුළු දෑ සැකසිය හැක.
තමන්ගේ ලෝකල් මැසිමට රැම් එක ඉතිරි කොට වචුවල් මැසිමට රැම් එක ලබාදීමට වග බලාගන්න.

දැං Finish මත ඔබන්න. එවිට windows boot වීම ඇරඹෙනු ඇත.
ඔබට සාමාන්‍යය පරිදි මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගත හැක.





ලිනක්ස් ඉන්ස්ටෝල් කරන හැටි මේ වීඩියෝවෙන් බලන්න. (How to Install BT 5 R3 on VMWare Workstation)

ප්‍රශ්න තියෙනම් අහන්න. තවත් VMware Workstation ලිපියකින් හමුවෙමු. 

Comments

  1. මරුම තමා... ජය වේවා...! මේ පැත්තෙත් එන්නකෝ.. http://attaalaya.blogspot.com/

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...