Skip to main content

MySQL පාඩම - 2 / World ඩේටාබේස් එක හදමු.

අපි ගිය ලිපියෙන් MySQL පරිගණකයේ ස්ථාපනය කරන හැටි ඉගෙන ගත්තා. දැං අපි යන්නෙ ඩේටාබේස් එකක් හදන්නයි. MySQL ඉගැන්වීම් වලදි සාමාන්‍යයෙන් උදාහරණ ලෙස “World“ ඩේටාබේස් එක නිර්මාණය සිදු කරනු ලබනවා. ඒ නිසා අපි මෙහිදීත් එය භාවිතා කරමු.


MySQL වෙත පිවිසීම

මේ සදහා ඔබට පුළුවන් CMD එක භාවිතා කරන්න.

CMD එක ඕපන් කර මෙම කමාන්ඩ් එක ලබා දීමෙන් MySQL තුළට පිවිසිය හැක.
mysql --user=user_name --password=your_password
නැතිනම් පහත කමාන්ඩ් එකද භාවිතා කළ හැක.
mysql -u root -p

මෙහිදී ඇති විශේෂත්වය හා වාසිය වන්නේ ඔබ අසල සිටින පුද්ගලයාට ඔබේ මුර පදය දර්ශනය නොවීමයි.


MySQL සදහා පිවිසීම ඇති අනෙක් ක්‍රමය වන්නේ, “MySQL command line client“ එකයි. එය ස්ටාට් මෙනු එකේ සෙවීම් කවුළුව තුළ “mysql command line client“ ලෙස ටයිප් කිරීමෙන් ලබාගත හැක.

මෙය ඇති පහසුම, ආරක්ෂාකාරී ක්‍රමයයි. එම නිසා මෙතැන් සිට අප එය භාවිතා කරමු.



World ඩේටාබේස් එක හදමු.

මෙය ඉතාමත්  පහසු වැඩකි. MySQL වෙත පිවිසුන පසු,
Create database World; කමාන්ඩ් එක භාවිතා කිරීමෙන් අපිට World ඩේටාබේස් එක නිර්මාණය කරගත හැක.
World ඩේටාබේස් එක සාර්ථකව නිර්මාණය වූයේ නම්, ඉහත රූපයේ පරිදි පණිවුඩයක් ලැබෙනු ඇත.


සටහන: 
MySQL කමාන්ඩ් අවසානයේ බොහොමයක් තැන් වලදී, 
අනිවාර්යයෙන්  ;  භාවිතා කළ යුතු වේ.
එමෙන්ම කැපිටල් සිම්පල් භේදයක් නැත.

මෙම පාඩම අවසානයේ ඔබට ගැටළු නිර්මාණය වන්නට ඇත. ඊළඟ පාඩමේදී එය විසදේවි. පාඩම් ඉතා කෙටියෙන් තමයි ඉදිරිපත් කරන්නෙ. ඊළඟ පාඩමෙන් හැකි ඉක්මණින් හමුවෙමු. 

Comments

  1. මේක ලැප් 1ත් හදතැහැකි නෙහ්?
    මේකෙන් කරන්න පුලුවන් දේ ගැන තව විස්තර ඕනි. පාඩම් ටික අතර මහ නතර කරන්නත් එපා

    ReplyDelete
  2. @spider the DETECTIVEඑල එල නතර කරන්නෙ නෑ. ඉස්සරහට යනකොට හොදට පැහැදිලි වේවි. ලැපේ පුළුවන්.

    ReplyDelete
  3. නියමෙට පැහැදිලි කරලා තියනවා.. Good work.. :)

    ReplyDelete
  4. හොද වැඩක් දිගටම කරගෙන යන්න :)

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...