
Dota 2 කියන්නේ ලෝකේ වැඩිම පිරිසක් online play කරන ගේම් එක බවට පත් වෙච්ච ගේම් එකක්. ගහන්න ගත්තොත් නවත්වනවා බොරු. ඒතරම් පට්ට ගේම් එකක්. සමහර අය මේ ගේම් එකට කැමති නෑ මේක strategy game එකක් නිසා. ඒ කියන්නේ උඩින් පෙන්වන ගේම් එකක් නිසා. නමුත් මේක ඊට වඩා ගොඩක් සංකීර්ණයි. ගේම් එක ලේසි නෑ.
ගේම් එකේ team දෙකක් තියෙනවා. එකක් Dire අනෙක Radiant. එක් පිලක පස් දෙනෙක් ඉන්නවා. මෙහි heros ලා 102ක් දැනට ඉන්නවා. මේ අය එක එක හැකියාවන් වලින් යුක්තයි. අපිට ඕනෑම කෙනෙක් තෝරා ගැන පුළුවන්. එක්කෙනෙක් එක hero කෙනක් ගත්තනම් තව කෙනෙක්ට එයා ගන්න බෑ.
අපිට මේ ගේම් එක යාලුවෝ පස්දෙනෙක් එකතුවෙලා අපේ එක team එකක්(party) හදාගෙන ගහන්නත් පුළුවන්. නැතිනම් තනියෙන් ගහන්නත් පුළුවන්. එතකොට dota servers වලින් auto අපේ team එකට කට්ටියයි අනෙක් පිලට කට්ටියයි online තෝරලා දෙනවා. සාමාන්‍යයෙන් ගේම විනාඩි 50ක් 55ක් විතර ඇදෙනවා. විනාඩි 70ක් විතර ඇදෙනවා කියන්නේ ඒ ගේම සුපිරිම ගේමක්. සාමහර වෙලාවට පැයභාගයෙන් ඉවර වෙනවා. එතකොට මෙලෝ රහක් නෑ. එහෙම වෙන්නේ එක team එකක් දුර්වල උනාම.
මේ ගේම් එක හදපු කට්ටිය tournaments පවා සංවිධානය කරනවා. මේ ගේම් එකේ තියෙන විශේෂත්වය තමා නොමිලේ play කිරීමට දීම. අපි ආස heros ලට එක එක ඇඳුම්, ආයුධ(items) තියෙනවා ඒවා ඕනෙනම් අපි සල්ලි දීලා ගන්න ඕනේ. එකෙන් තමා ඒ ගොල්ලෝ අදායම හොයාගන්නේ. සමහර වෙලාවට ගේම් එක හොදට play කරොත් අපිට තෑගි වශයෙන් items ලැබෙනවා. මේවයි සමහරක් අපිට sell කරන්න පුළුවන්. sell කරලා අපි කැමති item එක්ක buy කරන්න පුළුවන්. මේ items වටිනාකම අතින් කොටස් කීපයකට බෙදනවා.
මෙතනින් බලන්න Dota 2 trailer එක.
Gameplay
මම මේක play කරන්නේ පලවෙනි පරම්පරාවේ core i3 එකකින් ග්‍රැපික් අඩු කරලා. ඉස්සර ගැහුවේ GT 220 න් full graphic දාලා. ඒක කැඩුනා. දැන් onboard ගහනවා.
PC System Requirements
Minimum:
OS: Windows 7
Processor: Dual core from Intel or AMD at 2.8 GHz
Memory: 4 GB RAM
Graphics: nVidia GeForce 8600/9600GT, ATI/AMD Radeon HD2600/3600
DirectX: Version 9.0c
Network: Broadband Internet connection
Hard Drive: 8 GB available space
Sound Card: DirectX Compatible
මෙතනින් ගිහින් ඔයාට Dota 2 install කරගන්න පුළුවන්. 5-6GB වගේ තියෙනවා.
එහෙනම් ජයවේවා! 


එන්න ගහන්න DOTA 2
Last Reviewed by Author on Nov 01 2013
Rating:
Last Reviewed by Author on Nov 01 2013
Rating:
Comments
Post a Comment
ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)