Skip to main content

Backtrack 5 R3


Backtrack කියන්නෙ සරලව කීනව නම්, ලිනක්ස් කර්නලය පාදක කොටගත් යම් නෙට්වර්ක් එකක හෝ වෙබ් අඩවියක ආරක්ෂාව පරීක්ෂා කිරීමට (Penetration testing and Security Auditing) නිපදවා ඇති ටූල් ගනනාවකින් සමන්විත මෙහෙයුම් පද්ධතියක්. ආයෙත් කියනවනම් උබුන්ටුමයි.  විෂේශත්වෙ තියෙන්නෙ Backtrack tools ටික විතරයි. අපිට ඕනනම් මේ ටූල් ටිකඋබුන්ටු වලටත් දා ගත හැකි. මේක හදන්නෙ Offensive-Security කියලා කට්ටියක්. පූජාකරන ආරක්ෂාව 
ඉතිං මම මේ දැං කතා කරන්න හදන Backtrack 5 R3 (Release 3) කියන එක ආවෙ මේ අවුරුද්දෙ (2012) අගෝස්තු 13. මේ සංස්කරනයේ අළුත් ටූල් 60ක් අන්තර්ගත වෙනවා කියලා තමයි අදාල වෙබ් අඩවිය දක්වන්නෙ. ඒ ටූල් වලින් බොහොමයක් මේ ගිය ජුලි මස ඇමෙරිකාවේ Las Vegas වල පැවැතුණු Defcon and Blackhat Conference කියන සමුළුවේදි තමයිලු පිටකරලා තීන්නෙ.

සැ:යු: මෙහි එන සියළුම ටූල්  Backtrack වලට ආවේණික වන එවා නොවේ.

වැදගත්: මේ ලිපියේදී මෙහි අඩංගු ටූල් භාවිත කරන අයුරු ගැඹුලින් සාකච්ජා කිරීමට බලාපොරොත්තුවක් නැත. (හැක් කිරීමට)

මෙම ස්ථානයෙන් ඔයාට Backtrack 5 R3 බාගත කල හැක:
http://www.backtrack-linux.org/downloads/


Fern Wi-Fi Cracker 

Fern Wifi Cracker කියන ටූල් එක නිපදවලා තියෙන්නෙ Wi-fi නෙට්වර්ක් හැක්/ක්‍රැක් කරන්න. python වලින් ලියපු වැඩසටහනක්. මේක ඉතාම පහසු වන්නෙ භාවිතා කරන්නාට පහසු ලෙස GUI (Graphical User Interface) එකකුත් එක්ක තමා මේක නිර්මාණය කරලා තීන්නෙ.

ඔයාට ඕනනම් මෙතනින් ගිහින් Fern Wifi Cracker ඔයාගෙ ඕනැම ලිනක්ස් පරිගනකයකට දාගත හැකි.





Backtrack වලිං යනවනං මෙන්න පාර.
Backtrack > Exploitation Tools > Wireless Exploitation Tools > WLAN Exploitation > wepcrack

සමාවෙන්න මෙතනිං එහා මට Fern Wifi Cracker භාවිත කරන අයුරු පැහැදිය නොහැක්කේ මා අසල WiFi හෝ WiFi රවුටරයක් නැති බැවිනි.



අදට ආරම්භක කුඩා ලිපිය අවසානයි. තවත් Backtrack ටූල් එකකින් හමුවෙමු.

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...