ඩේටාබේස් එකක් හැදූ පමණින් එය තුළ ඩේටා ගබඩා කළ නොහැක. ඒ තුළ විවිද මාතෘකා යටතේ ඩේටා පිළිවෙලකට තැබිය යුතුය.
උදා:- අපි ෆේස්බුක් ගමු.
ෆේස්බුක් “facebook“ නමින් ඩේටාබේස් එකක් නිර්මාණය කර ඇත. මෙහි ලක්ෂ සංඛ්‍යාතයක් ගිණුම් නිර්මාණය කරලා තියෙනවා. ඉතිං ඔය ගිණුම් වල User Name හා Password ගබඩා කරගැනීමට “facebook“ ඩේටාබේස් එක තුළ “User“ හා “Password“ නමින් ටේබල් දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඔය මම කීවේ උදාහරණයක්. ෆේස්බුක් ඔයිට වඩා සංකීර්ණ වෙන්න පුළුවන්.
Microsoft Excel, MySQL ඩේටාබේස් තේරුම් ගැනීමට හොද උදාහරණයක්ලු. ප්‍රශ්නෙ තියෙන්නෙ මට Excel පිළිබද කිසිදු දැනුමක් නෑ... සමාවෙන්න.
(හේතුව මට Excel මෙලෝ රහක් නෑ

World ඩේටාබේස් එක තුල Tables හදමු.
ඔබට ඔබගේ MySQL තුළ ඇති සියළුම ඩේටාබේස් පහත විධානය මගින් ලබාගත හැක.
Show Databases;
ඔබට දිස්විය යුත්තේ පහත ඒවා පමණි අනෙක්වා මම නිර්මාණය කරපුවා. ඒක අපිට වැදගත් නෑ අපිට වැදගත් World විතරයිනෙ.
information_schema
mysql
world
හරි දැං අපිට world තුළ ටේබල් නිර්මාණයට පහත විධානය භාවිතා කළ යුතු වෙනවා. (world තුළට පිවිසිය යුතු වෙනවා.)
Use World;
මීලගට පහත විධානය භාවිතා කොට ටේබල් නිර්මාණය කළ හැක. මම උදාහරණ ලෙස “City1“ ලෙස නිර්මාණය කරනු ලබනවා.
Create Table city1 (Galle Varchar(20);
ඇයි Galle භාවිතා කරේ?
ඔබට ඉහත ප්‍රශ්නය මතු උණානම් මම ඔබෙන් අහනවා ඇයි “City1“ ලෙස ටේබල් එකක් නිර්මාණය කලේ?
ඒ ටේබල් එක තුළ තොරතුරු අන්තර්ගත විය යුතුයි නේද? එමනිසා තමයි අපි “Galle“ භාවිතා කරේ. මේසේ ටේබල් එකක් නිර්මාණයේදී එක පේලියක් හෝ නිර්මාණය අවශ්‍යය වේ. එසේම “Galle“ තුළට තවත් ඩේටා එකතු කල යුතුවේ. මෙහිදී අපි Varchar(20) ලෙස භාවිතා කරන්නේ “Galle“ තුල අපි ඇතුලත් කරන ඩේටා වල වචන ප්‍රමාණයයි. උදාහරණ ලෙස අපි “Galle“ තුළට “Karapitya“ එකතු කරනවා යැයි සිතමු. ඒ අනුව “Karapitya“ යන්නෙහි අකුරු සීමාව 20 හෝ ඊට අඩු විය යුතුය. (ඉදිරියේදී ඔබට මෙය තව දුරටත් පැහැදිළි වෙනු ඇත)
පහත රූපය බලන්න. මද අවබෝධයක් ලබා ගන්න උත්සාහා කරන්න. නමුත් තේරුම් ගැනීම අපහසුනම් ඒ ගැන නොසිතන්න.
මීළඟට මම පහත විධානය භාවිතා කොට “City1“ ටේබල් එක මකා දමමි.
Drop Table City1;
මොකද MySQL එකෙන්ම World ඩේටාබේස් එකේ සම්පූර්ණ නිර්මාණයක් අපිට දෙනවා ඉදිරියට කරගෙන යන්න. අපිට ඕක හදන්න ගියොත් මාස ගානක් යාවි.
මෙම ස්ථානයෙන් Example Databases යටතේ තියෙන “world database (MyISAM version, used in MySQL certifications and training)“ Zip ෆයිල් එක බාගන්න.
ඒක ඩෙස්ක්ටොප් එකට එක්ස්ට්‍රැක් කරගන්න ( ඕන තැනකට). ඉන්ස්ටෝල් කරගන්නා හැටි පහත රූපයෙන් පැහැදිලි වේ යැයි සිතමි. ප්‍රස්න උනොත් අහන්න. (වඩා පැහැදිලි වීමට රූපය මත ඔබන්න).
අදට එහෙනං පාඩම නිමයි.
ජයවේවා!

jaya machan
ReplyDeleteඑළ එළ හුගක් මහන්සි වෙලා ලියලා තියනවා.. ගුඩ් ලක්.. ඩේට බේස් කමාන්ඩ් ඔක්කොම ටික දැම්මොත්..(y)
ReplyDeletejaya wewa
ReplyDelete