
SLT හම්බානෙකට දැං බැනුං අහන්නෙ. සිරානෙ ඉතිං මලේ මලනෙ. SLT පරණ අන්ලිමිටඩ් එක 512 KB/s ට වඩා දැං හෙනට ස්ලෝකරනවලු. පාරිභෝගික නිලධාරියෙක් කීවෙ.

ඔය දැං අළුත් පැකේජෙ 25GB දවස් තුනෙන් නැත්තං හතරෙන් අනිවා ඉවරයිනෙ. ඊටපස්සෙ වේගෙ 64යි.
ඒ කියන්නෙ බෑවෙන වේගය 64/8 = 8 KB/s

දැං මං කියාදෙන්න යන විදිය කරොත් ඔහොම ස්ලෝ වෙන එකක් නෑ.
ඔයගොල්ලො වැඩිහරියක් භාවිතාකරන්නෙ IDM නෙ.
මෙහෙමයි IDM එකෙන් පුළුවන් දවසට බාන ගාන සීමා කරන්න.
මම 25GB 30න් බෙදුවා(මාසයක්) එතකොට 0.833333333333....GB ප්‍රමාණයක් ආවා. අපි ගමු 830MB කියලා.
දැං IDM එක ඕපන් කරලා මෙහෙම යන්න. Option > Connection
Connection ටැබ් එකේ තියෙන Download limits කියන චෙක් බොක්ස් එක ටික් කරලා පහත රූපයේ විදියට හදලා Ok කරන්න.

මේකෙදි වෙන්නෙ පෑ 24කට මෙගා බයිට් 830 කට වඩා පාවිච්චි කරන්න බෑ කියලා.
දැං කෙනෙක් කියාවි පෑ 24ක් බාන්නෙ නෑ කීලා හැක්. 830MB කියන්නෙ මහගානක් නෙවෙ.
අනික ඔය 830 දාලා තීන්නෙ IDM බාගත කිරීම් වලට විතරයි.
ඕකෙන් You tube හෝ වෙන අඩවියක විඩියෝ බලන කොට බෑවෙන ඒවා අදාල නෑ.
ඒ වගේ ඉන්ටනෙට් බ්‍රවිසිං වලදි බෑවෙන ඒවාත් අදාල නෑනෙ.
කොටිංමකීවොත් ඔය 830 අදාල වන්නෙ IDM බාගතකිරීම් වලට විතරයි.
ඔයාට ඕන හැටියට ඔය 830 වෙනස් කරගත හැකිනෙ. මම දුන්නෙ උපකාරක උදාහරණයක්.
Update:
මෙතන පෑ 24 දාන්න දෙන්නෙ නෑ පැය 1ත් 23ත් අතර විය යුතුයි.
ඒනං සුබ WWW ඈ ජයවේවා!

Netlimiter එක Install කරලා එකෙන් Limit කරානම් ගොඩක් ගැලපෙනවා. ඒකට පුලුවන් සමස්ථ Computer එකටම අදාළ වෙන විදියට Rules Apply කරන්න.
ReplyDelete