Skip to main content

වෙබ් අඩවි ආරම්භ කළේ යහපත් චෙතනාවෙන් හා යහපත් අරමුණු ඉටුකර ගැනීමටයි.


රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා හා පුවත්පත් ප‍්‍රකාශන  152ක් පමණ දැනට ලියාපදිංචි කර ඇත. මේවාට අමතරව අද මාධ්‍ය  ක්‍ෂේත‍්‍රයට  වෙබ් අඩවිද එක්වී ඇත. අධ්‍යාපන දේශපාලන සංස්කෘතික ආදි වශයෙන් විවිධ අංශවල තොරතුරු හා සංවාද හැරුණු විට  විනෝදාස්වාදය සඳහාද වෙබ් අඩවි යොදා ගැනේ. රටේ ජනතාවගෙන් සියයට 40ක පමණ ප‍්‍රමාණයක් අන්තර් ජාලය නරඹන බව  වාර්තා වෙයි. ශ්‍රී ලාංකිකයෝ  50,000කට වැඩි පිරිසක් මේ වනවිට වෙබ් අඩවි ආරම්භ කර ඇත.
ඇතැම් අය පෞද්ගලික වෙබ් අඩවි ආරම්භ කර තිබෙන අතර එයින් බොහෝ දෙනා යම් පරමාර්ථයක් ඉටුකර ගැනීමේ අරමුණ ඇතිව වෙබ් අඩවි ආරම්භ කර ඇත. මේ වෙබ් අඩවි දැන් සමාජගතවී ඇත්තේ අනෙකුත් මාධ්‍යයන්ට වඩා  වෙනස් ආකාරයටය. තොරතුරු හා දැනුම ලබාගැනීමට අමතරව අසභ්‍ය දර්ශනද මෙම  වෙබ් අඩවිවල කිසිදු හිරිකිතයකින් තොරව ප‍්‍රදර්ශනය වීම බරපතල තත්ත්වයක්වී ඇත. විශේෂයෙන් පාසල් යන වියේ දරුවන්ට මෙම දර්ශන නැරඹීමට ඇති හැකියාව  සමාජ සංස්කෘතික ප‍්‍රශ්නයක්  වී තිබේ.
ඉන්ටර්නෙට් කැෆේ දැන් සෑම නගරයක් පාසාම පිහිටුවා ඇත. ඊට අමතරව  තම අතේ පවත්නා ජංගම දුරකථනවලින් ද වෙබ් අඩවි නැරඹීමේ අවස්ථාව සැලසී ඇත.
වයස් පරතරයකින් තොරව බොහොමයක් දෙනා වෙබ් අඩවි නැරඹීමට පෙළඹී සිටී. මෙහිදී වයස් පරතරයකින් තොරව යනුවෙන් සඳහන් කලේ පාසල් සිසුන් පිළිබඳවය. ප‍්‍රධාන පෙළේ  පෞද්ගලික පාසලක ගුරුවරයෙක් ප‍්‍රකාශ කළේ හතරවැනි ශ්‍රේණියේ  පන්තියක දරුවකු අන්තර් ජාල පහසුකම් ඇති ජංගම දුරකථනයක් පාවිච්චි කර තිබෙන බවයි. නැරඹීම පිළිබඳව ගැටලූවක් නැත. ගැටලූව කාම උද්ධීපන දර්ශන අතුළත් වෙබ් අඩවි පිළිබඳවය. පෞද්ගලික පන්තිවල  උගන්වන ගුරුවරයෙක් ප‍්‍රකාශ කළේ වෙබ් අඩවියක ඇතුලත් ලිංගික දර්ශන කීපයක මුද්‍රිත පිටපත් පාසල් සිසුවකුගේ පොතක තිබි සොයාගත් බවයි. ප‍්‍රධාන පෙලේ පාසලක ගුරුවරයෙක්ද මේ බව තහවුරු කළේය.
අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවිවලට අමතරව මඩ ව්‍යාපාරයන්ද මෙම වෙබ් අඩවි මගින් ප‍්‍රචාරයවීම පසුගිය වසර කීපය පුරාම සිදුවිය.
මේ මඩ ප‍්‍රචාර කරන්නේ දේශපාලනඥයන්ට, සිනමා නළු නිළියන්ට, මාධ්‍යවේදින්ට ඇතූළු ජනපි‍්‍රය චරිත සඳහායි. දේශපාලන මඩ ප‍්‍රචාරවල යෙදී සිටි බව කියන  වෙබ් අඩවියක් පසුගියදා තහනම් කෙරුණි. විපක්‍ෂයේ දේශපාලනඥයකු සම්බන්ධ  බව කියන මෙම වෙබ් අඩවි කාර්යාලයේ රජයට මඩ ගැසීම සඳහා වූ දර්ශන ඇතුළත් වීඩියෝ පට ගණනාවක් තිබූ බවද සඳහන් වේ.
අසභ්‍ය පිංතුර  බොහෝ විට ප‍්‍රදර්ශනය කෙරෙන  බවට චෝදනා ඇත. විශේෂයෙන් මැතිවරණ සමයේදී දේශපාලනඥයන්ට මඩ ගැසීම සඳහා විවිධාකාර ඡායාරූප සකසා ප‍්‍රදර්ශනය කරන බවට චෝදනා පවතී.
මෙවැනි  මඩ ගැසීම් හා අසභ්‍ය දර්ශන සහිත වෙබ්  අඩවි 800ක් පමණ ප‍්‍රමාණයක් මේ දක්වා තහනම් කර ඇති බව සඳහන්වෙයි. එහෙත් මෙසේ තහනම් කරන වෙබ් අඩවි ජාත්‍යන්තර ජාලයන් මගින් නැරඹීමට තරම් තාක්‍ෂණය දියුණුවී ඇත. එබැවින් වෙබ් අඩවි තහනම් කිරීමේ ක‍්‍රමය අසාර්ථකවී ඇත. ඒ සඳහා වූ හොඳම උදාහරණයක් පෙන්වාදිය හැකිය. විදුලි සංදේශ නියාමක කොමිසම මගින් තහනම් කරනු ලැබූ එක්තරා වෙබි අඩවියක් නින්ජා ප්‍රොක්සි නමැති සේවාව  ඔස්සේ අදටත් නැරඹීමට හැකියාව  ලැබී ඇත.
ශ්‍රී ලංකාව  ජාල තාක්‍ෂණික සැපයුම්කරුවන්  නොවීම මේ තත්ත්වයට එක් හේතුවක් වී ඇත. ඒ සඳහා වූ චන්ද්‍රිකා තාක්‍ෂණය යොදා ගැනීමට තරම් අපේ රට තාක්‍ෂණය දැනුමෙන් තවමත් පසුගාමී රටක්වී ඇත.
අපේ රටේ  අන්තර්ජාල වෙබ් පහසුකම් සැලසෙන සේවා ආයතන ප‍්‍රමාණය 10 ක් පමණ වෙයි. ටෙලිකොම්, මොබිටෙල්, එයාර්ටෙල්, සන්ටෙල්, හච් වැනි  සේවා සපයන ආයතන ද මේ අතර  වෙයි.  ජාත්‍යන්තර වශයෙන් යාහු, ගුගල් නින්ජා ප්‍රොක්සි ආදි වශයෙන් සේවා ආයතන ගණනාවකි.
මේවා අතරින් අසභ්‍ය දර්ශන ඇතුළත් හා  පුද්ගලයන්ට මඩ ගසනා වෙබ් අඩවි සම්බන්ධයෙන් පැහැදිලි අවසන් තීන්දුවක් ගැනීමට තරම් නීතිමය තාක්‍ෂණික හා ආර්ථික වශයෙන් මේ රට තවමත් ශක්තිමත් නොවීම  බරපතල ප‍්‍රශ්නයක් වී ඇත.
රටේ දේශපාලන සංස්කෘතිය නිර්මාණය වී ඇති ආකාරය මඩ ප‍්‍රචාරය කරන වෙබ් අඩවි නිර්මාණය වීමට තවත්  හේතුවක් වී ඇත. විශේෂයෙන් මැතිවරණයක් ආසන්නයේ වෙබ් අඩවි මගින් දේශපාලන ප‍්‍රතිවාදියාට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා තොරතුරු නිර්මාණය කිරීමට  වෙනමම කණ්ඩායම් පත්වී සිටී. ඒ සඳහා හොඳම උදාහරණය පසුගිය පාර්ලිමේන්තු  මහ මැතිවරණයයි. අසභ්‍ය දර්ශනවලට මන්තී‍්‍ර අපේක්‍ෂකයන්ගේ මුහුණ යොදා අසභ්‍ය ඡායාරූප ප‍්‍රදර්ශනය කෙරුණි.
මාධ්‍ය සදාචාරයකින් තොරව කෙරෙන මෙවැනි දේ පුද්ගල චරිතවලට බරපතල හානියක්වී ඇත. මෙවැනි වෙබ් අඩවි සඳහා කිසියම්  නීතිමය බලපෑමක් ඇති කළ යුතුව ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ගිහාන්  ඩයස් මහතා :
අනූව දශකය  මුල්කාලයේ දී මොරටුව විශ්වවිද්‍යාලය මගින් වෙබ් අඩවි සකස් කර භාවිත කළා. පළමුවෙන් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ වෙබ් අඩවි නැරඹීමට  හැකියාව සලසා තිබුණා.
වෙබ් අඩවි ආරම්භ කළේ යහපත් චෙතනාවෙන් හා යහපත් අරමුණු ඉටුකර ගැනීමටයි. අද වනවිට මෙම වෙබ්  අඩවි විවිධ ක්‍ෂේත‍්‍ර සඳහා  යොදවා ගන්නවා. මෙහිදී මට ප‍්‍රකාශ කළ හැක්කේ, මෙවලමක් හොඳ පැත්තකටත්  නරක  පැත්තකටත් යොදා ගත හැකි බවයි. යහපත වගේම අයහපත් වෙනවා. අද වෙබ් අඩවි යොදා ගැනීමෙනුත්  සිදුවන්නේ එයයි. ඒ සඳහා අන්තර් ජාලයට දොස් කීම නිෂ්ඵලයි.

විදුලි සංදේශ නියාමක කොමිසමේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් යු.එච්.සී. පි‍්‍රයන්ත :
අධිකරණය මගින්  හෝ අමාත්‍යාංශයක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව වෙබ් අඩවියක් තහනම් කිරීමේ දී, ඒ සඳහා සේවා සපයන ආයතනයට දැනුම් දීමක් කරනවා. වෙබ් අඩවියක් තහනම් කිරීමට කොමිසමට අවශ්‍ය තාක්‍ෂණික බලයක් නැහැ. ඒ සඳහා  වෙබ් අඩවිය පවත්වා  ගෙන යන සේවා ආයතනයට දැනුම් දී එමගින් වෙබි අඩවිය තහනම් කරවීමට  පියවර ගන්නවා.
දැනට වෙබ් අඩවි පවත්වා ගෙන යාමට සේවා සපයන ආයතන දහයක් පමණ තිබෙනවා. මෙන්ම දර්ශනය වන වෙබ් අඩවි ගණනාවක් විදේශවලින් පවත්වා ගෙන යනවා. මේ රටේ මෙහෙයවන වෙබ් අඩවි සංඛ්‍යාව සිමිතයි. ඩොට් කොම් (.com)  වශයෙන් පැවැත්වෙන්නේ විදේශවලින්  සේවා සපයන වෙබ් අඩවි.  ඩොට් එල්.කේ. (.lk)  වශයෙන් සඳහන්  වන්නේ මෙරටෙන් සේවා සපයන වෙබ් අඩවියටයි.
බොහෝ විට අධිකරණ නියෝග  මත වෙබ් අඩවි තහනම් කිරීමට මෙසේ සේවා සැපයුම් ආයතනවලට දැනුම් දෙයි. දේශීය වෙබ් අඩවි සේවා සපයන්නන් විසින් එම නියමය මත වෙබ් අඩවි තහනම් කිරීම සඳහා පියවර ගනු ලබයි. එහෙත් විදේශ  රටවලින් කි‍්‍රයාත්මක කරනු ලබන වෙබ් අඩවි සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමට හැකියාවක් නැත.
නිදහස් මාධ්‍ය  ව්‍යාපාරයේ ලේකම් සුනිල්  ජයසේකර මහතා :  වෙබ් අඩවි තහනම් කිරීම දේශපාලන කරුණු මත පලිගැනීමේ චේතනාවෙන් සිදුවනවා  විනා. අසභ්‍ය, ලිංගික දර්ශන ඇතුළත්ව තිබිමේ හේතුව මත තහනම් කිරීමක් සිදුවී නැහැ.
වෙබ් අඩවි බැඳී පවතින්නේ අන්තර් ජාලයටයි. ලෝකයේ සියයට 85ක පමණ පිරිසක් අන්තර්ජාල යොදා ගන්නේ විනෝදාස්වාදයටයි. අති බහුතරය එසේ වුවත් තවත් පිරිසක් දැනුම , අධ්‍යාපනය, සෞඛ්‍ය, දේශපාලනය යනාදි  වශයෙන්  වෙනත් කරුණු සඳහා ද වෙබ් අඩවිවලට  ඇතුළු නොවෙත් නොවේ යන්නට සමානයි.
විනෝදාස්වාදය සඳහා වෙබ් අඩවිවලට ඇතුල්වන නමුත් දැනුම,  අධ්‍යාපනය, තොරතුරු ප‍්‍රවෘත්ති සමාජ සංවාද යනාදී සියලූ කරුණු හැදෑරීමද මෙමගින් සිදුවෙයි.
වෙබ්  අඩවි තහනම් කිරීම පිළිබඳව අද මේ රටේ  නිතර සාකච්ඡුා  කෙරෙනවා. ලෝක තාක්ෂණයට අනුව වෙබි අඩවි තහනම් කිරීමට නොහැකියි. අවහිර කරන්න, බාධා කරන්න පුළුවන්.
අපේ රටේ වෙබ් අඩවි තහනම් කෙරෙන්නේ අසභ්‍ය හේතු පදනම් කරගෙන  නොවෙයි. බොහෝ විට දේශපාලන පදනම මතයි.
එබැවින් මේ වෙබ් අඩවි තහනම සාධාරණය සිදුවන බවක් කිව නොහැකියි. පෞද්ගලික පලිගැනීම්වලටත්  වෙබ් අඩවි තහනම් කෙරෙනවා නම් එය අනුමත කළ නොහැකියි.

උපුටාගැනීම: ලංකාදීප

Comments

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...