Backtrack කියන්නෙ සරලව කීනව නම්, ලිනක්ස් කර්නලය පාදක කොටගත් යම් නෙට්වර්ක් එකක හෝ වෙබ් අඩවියක ආරක්ෂාව පරීක්ෂා කිරීමට (Penetration testing and Security Auditing) නිපදවා ඇති ටූල් ගනනාවකින් සමන්විත මෙහෙයුම් පද්ධතියක්. ආයෙත් කියනවනම් උබුන්ටුමයි. විෂේශත්වෙ තියෙන්නෙ Backtrack tools ටික විතරයි. අපිට ඕනනම් මේ ටූල් ටිකඋබුන්ටු වලටත් දා ගත හැකි. මේක හදන්නෙ Offensive-Security කියලා කට්ටියක්. පූජාකරන ආරක්ෂාව ඉතිං මම මේ දැං කතා කරන්න හදන Backtrack 5 R3 (Release 3) කියන එක ආවෙ මේ අවුරුද්දෙ (2012) අගෝස්තු 13. මේ සංස්කරනයේ අළුත් ටූල් 60ක් අන්තර්ගත වෙනවා කියලා තමයි අදාල වෙබ් අඩවිය දක්වන්නෙ. ඒ ටූල් වලින් බොහොමයක් මේ ගිය ජුලි මස ඇමෙරිකාවේ Las Vegas වල පැවැතුණු Defcon and Blackhat Conference කියන සමුළුවේදි තමයිලු පිටකරලා තීන්නෙ. සැ:යු: මෙහි එන සියළුම ටූල් Backtrack වලට ආවේණික වන එවා නොවේ. වැදගත්: මේ ලිපියේදී මෙහි අඩංගු ටූල් භාවිත කරන අයුරු ගැඹුලින් සාකච්ජා කිරීමට බලාපොරොත්තුවක් නැත. (හැක් කිරීමට) මෙම ස්ථානයෙන් ඔයාට Backtrack 5 R3 බාගත කල හැක: http://www...