හැකර් කරුවො කියනවනෙ IP ලිපිනය හොයාගෙන ඒකෙන් මැක් ලිපිනය හොයා ගත්තම සමාන්‍යය පරිගණකයට ඇතුල්වෙන එක හුගක් ලේසිලු. අපි කලිං ඉදිරිපත් කරා TOR එක ගැන. හැබැයි ඒකෙන් IP එක සැගවෙන්නෙ අදාල බ්‍රව්සරේ විතරයි. නමුත් මේකෙන් ඔයා කමාන්ඩ් ලයින් එක පාවිච්චි කරත්, ස්කයිප් පාවිච්චි කරත් හෝ අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන මොකක් පාවිච්චි කලත් ඔයාගෙ ඇත්ත IP ලිපිනය සැගවෙනවා. මුලිංම මේකට ගිහිං රෙජිස්ටර් වෙන්න : https://www.privatetunnel.com/ පස්සෙ මේ අඩවියට ගිහින් ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තෝරලා බාගන්න. හැබැයි මේක දීලා තියෙන්නෙ ඇපල් මැක් සදහාත් වින්ඩෝස් සදහාත් පමණි. : http://openvpn.net/ දැං බාගත්ත එක පුරුදු පරිදි install කරගන්න. එහෙම කරාම සිස්ටම් ට්‍රේ එකට මේ විදියට එනවා අයිකන් එකක්. ඔක ක්ලික් කරන්න. මේකෙ ඔය Highlight වෙලාතියන එක තෝරලා දෙන්න. ඊගාවට මේක එයි. මේකෙදි ඔයාට තියෙන්නෙ ඔයා කලිං රෙජිස්ටර් උණ අඩවියේදි රෙජිස්ටර් උණ ඊ මේල් ලිපිනය Username එක ලෙසත් එහිදී ලබාදුන් Password එකත් ලබාදී Connect බොත්තම එබීම පමණි. සම්බන්ධ වී අවසානයේ මෙලෙස දිස් වේ. දැං ඔයාට ඔනනම් මේ අඩවියට ගිහිං ඔයාගෙ I...