Skip to main content

Backtrack 5 R3


Backtrack කියන්නෙ සරලව කීනව නම්, ලිනක්ස් කර්නලය පාදක කොටගත් යම් නෙට්වර්ක් එකක හෝ වෙබ් අඩවියක ආරක්ෂාව පරීක්ෂා කිරීමට (Penetration testing and Security Auditing) නිපදවා ඇති ටූල් ගනනාවකින් සමන්විත මෙහෙයුම් පද්ධතියක්. ආයෙත් කියනවනම් උබුන්ටුමයි.  විෂේශත්වෙ තියෙන්නෙ Backtrack tools ටික විතරයි. අපිට ඕනනම් මේ ටූල් ටිකඋබුන්ටු වලටත් දා ගත හැකි. මේක හදන්නෙ Offensive-Security කියලා කට්ටියක්. පූජාකරන ආරක්ෂාව 
ඉතිං මම මේ දැං කතා කරන්න හදන Backtrack 5 R3 (Release 3) කියන එක ආවෙ මේ අවුරුද්දෙ (2012) අගෝස්තු 13. මේ සංස්කරනයේ අළුත් ටූල් 60ක් අන්තර්ගත වෙනවා කියලා තමයි අදාල වෙබ් අඩවිය දක්වන්නෙ. ඒ ටූල් වලින් බොහොමයක් මේ ගිය ජුලි මස ඇමෙරිකාවේ Las Vegas වල පැවැතුණු Defcon and Blackhat Conference කියන සමුළුවේදි තමයිලු පිටකරලා තීන්නෙ.

සැ:යු: මෙහි එන සියළුම ටූල්  Backtrack වලට ආවේණික වන එවා නොවේ.

වැදගත්: මේ ලිපියේදී මෙහි අඩංගු ටූල් භාවිත කරන අයුරු ගැඹුලින් සාකච්ජා කිරීමට බලාපොරොත්තුවක් නැත. (හැක් කිරීමට)

මෙම ස්ථානයෙන් ඔයාට Backtrack 5 R3 බාගත කල හැක:
http://www.backtrack-linux.org/downloads/


Fern Wi-Fi Cracker 

Fern Wifi Cracker කියන ටූල් එක නිපදවලා තියෙන්නෙ Wi-fi නෙට්වර්ක් හැක්/ක්‍රැක් කරන්න. python වලින් ලියපු වැඩසටහනක්. මේක ඉතාම පහසු වන්නෙ භාවිතා කරන්නාට පහසු ලෙස GUI (Graphical User Interface) එකකුත් එක්ක තමා මේක නිර්මාණය කරලා තීන්නෙ.

ඔයාට ඕනනම් මෙතනින් ගිහින් Fern Wifi Cracker ඔයාගෙ ඕනැම ලිනක්ස් පරිගනකයකට දාගත හැකි.





Backtrack වලිං යනවනං මෙන්න පාර.
Backtrack > Exploitation Tools > Wireless Exploitation Tools > WLAN Exploitation > wepcrack

සමාවෙන්න මෙතනිං එහා මට Fern Wifi Cracker භාවිත කරන අයුරු පැහැදිය නොහැක්කේ මා අසල WiFi හෝ WiFi රවුටරයක් නැති බැවිනි.



අදට ආරම්භක කුඩා ලිපිය අවසානයි. තවත් Backtrack ටූල් එකකින් හමුවෙමු.

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)