Skip to main content

MySQL පාඩම - 2 / World ඩේටාබේස් එක හදමු.

අපි ගිය ලිපියෙන් MySQL පරිගණකයේ ස්ථාපනය කරන හැටි ඉගෙන ගත්තා. දැං අපි යන්නෙ ඩේටාබේස් එකක් හදන්නයි. MySQL ඉගැන්වීම් වලදි සාමාන්‍යයෙන් උදාහරණ ලෙස “World“ ඩේටාබේස් එක නිර්මාණය සිදු කරනු ලබනවා. ඒ නිසා අපි මෙහිදීත් එය භාවිතා කරමු.


MySQL වෙත පිවිසීම

මේ සදහා ඔබට පුළුවන් CMD එක භාවිතා කරන්න.

CMD එක ඕපන් කර මෙම කමාන්ඩ් එක ලබා දීමෙන් MySQL තුළට පිවිසිය හැක.
mysql --user=user_name --password=your_password
නැතිනම් පහත කමාන්ඩ් එකද භාවිතා කළ හැක.
mysql -u root -p

මෙහිදී ඇති විශේෂත්වය හා වාසිය වන්නේ ඔබ අසල සිටින පුද්ගලයාට ඔබේ මුර පදය දර්ශනය නොවීමයි.


MySQL සදහා පිවිසීම ඇති අනෙක් ක්‍රමය වන්නේ, “MySQL command line client“ එකයි. එය ස්ටාට් මෙනු එකේ සෙවීම් කවුළුව තුළ “mysql command line client“ ලෙස ටයිප් කිරීමෙන් ලබාගත හැක.

මෙය ඇති පහසුම, ආරක්ෂාකාරී ක්‍රමයයි. එම නිසා මෙතැන් සිට අප එය භාවිතා කරමු.



World ඩේටාබේස් එක හදමු.

මෙය ඉතාමත්  පහසු වැඩකි. MySQL වෙත පිවිසුන පසු,
Create database World; කමාන්ඩ් එක භාවිතා කිරීමෙන් අපිට World ඩේටාබේස් එක නිර්මාණය කරගත හැක.
World ඩේටාබේස් එක සාර්ථකව නිර්මාණය වූයේ නම්, ඉහත රූපයේ පරිදි පණිවුඩයක් ලැබෙනු ඇත.


සටහන: 
MySQL කමාන්ඩ් අවසානයේ බොහොමයක් තැන් වලදී, 
අනිවාර්යයෙන්  ;  භාවිතා කළ යුතු වේ.
එමෙන්ම කැපිටල් සිම්පල් භේදයක් නැත.

මෙම පාඩම අවසානයේ ඔබට ගැටළු නිර්මාණය වන්නට ඇත. ඊළඟ පාඩමේදී එය විසදේවි. පාඩම් ඉතා කෙටියෙන් තමයි ඉදිරිපත් කරන්නෙ. ඊළඟ පාඩමෙන් හැකි ඉක්මණින් හමුවෙමු. 

Comments

  1. මේක ලැප් 1ත් හදතැහැකි නෙහ්?
    මේකෙන් කරන්න පුලුවන් දේ ගැන තව විස්තර ඕනි. පාඩම් ටික අතර මහ නතර කරන්නත් එපා

    ReplyDelete
  2. @spider the DETECTIVEඑල එල නතර කරන්නෙ නෑ. ඉස්සරහට යනකොට හොදට පැහැදිලි වේවි. ලැපේ පුළුවන්.

    ReplyDelete
  3. නියමෙට පැහැදිලි කරලා තියනවා.. Good work.. :)

    ReplyDelete
  4. හොද වැඩක් දිගටම කරගෙන යන්න :)

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)