Skip to main content

පරිගණකය වේගවත්ව තබාගමු. [Windows 8/8.1]

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, පරිගණකය අනවශ්‍ය ලෙස මන්දගාමී වීම. මෙයට හේතුව වන්නේ ඔබමයි. ඔබගේ භාවිතා කිරීමේ ක්‍රමයයි. 

පරිගණකය නිසි පරිදි තබාගැනීම, අමරුදෙයක් නෙවේ. ඉතින් අපි මේ ලිපියෙන් විමසා බලමු එහෙම කරන්නේ කොහොමද කියලා.





  • ඔබගේ Desktop එක මත ඇති shortcuts හැකිතරම ඉවත් කරන්න. එය ඔබගේ පරිගණකය on/boot වීමට යන කාලය පිරිමසනු ඇත. ගොඩක් දෙනාගේ desktop එක දිහා බලන්න බෑ කැලයක් වගේ.
  • Recycle bin එක හිස්ව තබාගන්න. 
  • C: drive එක බොහෝසෙයින් පිරී ඇතිනම් එයද පරිගණකයේ වේගයට බලපායි.
  • Temporary files මකාදමන්න.
  • Virus ගාඩ් එකක් භාවිතා කරන්න. (microsoft security essential / eset)
  • Drivers නිසිවේලාවට update කරන්න.
  • Defragment කරන්න.
  • Startup එකේදී run වෙන programs අවම කරන්න.
(රූප මත click කිරීමෙන් පැහැදිලිව බලාගත හැක.)

Temporary files මකමු.

මේ සඳහා windows මඟින් අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ccleaner වැනි මෘදුකාංගයක් වුවද භාවිතාකළ හැක.

මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
රූපයේ දැක්වෙන පරිදි ඔබට clean කිරීමට අවශ්‍ය ඒවා සලකුණු කරන්න. පසුව OK යන්න මත ඔබන්න.



Defragment කරමු.

මෙහිදී වෙන්නේ පරිගණකයේ ඇති යම් ලිපි ගොනුවක files තිබෙන්නේ hard disk එකේ තැනින් තැන නම්. ඒවා එක් තැනකට එකතු කර දීමයි. මේ සඳහා tools ද බොහෝ ඇති අතර windows භාවිතාකොට මෙය පහසුවෙන්ම කල හැකිය.

Hard disk එකක් මත right click කොට properties වෙත යන්න.
ලැබෙන dialog box එකේ tools මත click කොට, එහි ඇති optimize මත ඔබන්න.

පසුව ලැබෙන window එකේ ඔබට අවශ්‍ය hard disk/partition එක select කොට, optimize යන්න මත එබීමෙන් ඔබට අදාල කාර්ය කරගත හැක. 


Startup එකේදී run වෙන programs අවම කරමු.

මේ සඳහා taskbar එක මත right click කොට Task Manager තෝරන්න. (Ctrl + Alt + Del)


දැන් ලැබෙන window එකේ startup, tab එකට පිවිසීමෙන් ඔබේ පරිගණකය on වන විටදීම run වන වැඩසටහන් බලාගත හැක. මෙන් ඔබට අනවශ්‍ය හෝ ඔබ නොදත් ඒවා තිබේනම් ඒවා මත right click කොට disable කල හැක.

ඔය ඔයාට කරගන පුළුවන් ලේසිම දේවල් ටිකක් කිව්වේ. drivers update කරන්න driver reviver වගේ වැඩසටහනක් පාවිච්චි කරන්න පුළුවන්.

Comments

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

Copy කිරිල්ලෙන් ඔබේ බ්ලොගර් අඩවිය ආරක්ෂා කරගන්න.

පොඩි දෙයක් කරන්න තීන්නෙ. යන්න Edit HTML වලට (Design > Edit HTML). ගිහින් HTML බොක්ස් එකේ ඔක්කොම සිලෙක්ට් කරන්න. දැං මේ කොටස හොයාගන්න (Ctrl+F).  <body> පස්සෙ ඒ කොටස වෙනුවට පහත ටික පේස්ට් කරන්න.  <body onmousedown="return false" oncontextmenu="return false" onselectstart="return false"> කාටවත් බෑ ආයෙ ඔයාගෙ බ්ලොගෙන් කොපි පේස්ට් කරන්න. Post Closed!

Google Chrome සම්පූර්ණයෙන් Remove කරමු.

මම දන්නෙ නෑ මේක ඔබට විශේෂ වේවිද කියලා. කිසියම් Setting ගැටළුවක් මත මම Chrome සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරා. ඒත් පෙර පරිදිම Setting ක්‍රියාත්මක උණා. ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න. දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න. එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න. දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.                         %LOCALAPPDATA%\Google එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න. දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත.