Skip to main content

Step Up Revolution (2012)


Step Up Revolution (2012) | විප්ලවීය නර්තන කල්ලිය..[සිංහල උපසිරැසි සමඟ]


මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම සිනමා සිත්තමකට ඔන්න සිංහල උපසිරැසි අරගෙන මම ආයෙත් ඔයාලා හමුවට ආවා.පහුගිය දින වල අපේ රටේ සිනමාහල් වල මේ චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳදමමින් ප්‍රදර්ශනය උනා ඔයාලට මතක ඇති. මේ වන විටත් IMDb රේටින් වල 6.1/10න් ලබා තියෙන මෙම චිත්‍රපටිය Step Up චිත්‍රපටමාලාවේ සිව්වෙනි චිත්‍රපටියයි. හරිම ලස්සන නැටුම් කලාවක් මෙම චිත්‍රපටියෙන් ඔයාලට ගෙන එනවා. අපිටනම් එහෙම නටන්න තියා හිතාගන්නවත් බැහැ. හරිම නිර්මාණශීලී, ඉස්තරම්ම විදිහේ නර්තන තියෙන මේ චිත්‍රපටිය කවුරුවත් නොබලා ඉඳීවි කියලා මමනම් හිතන්නෙ නැහැ. ඒ තරමටම පට්ටයි.
මෙම චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ මියාමි නගරයේ සිටින නැටුම් කල්ලියක් වටායි. ඒ කල්ලිය අමුතු අමුතු තැන්වල අමුතු අමුතු විදිහේ නර්තන ප්‍රසංග ඉදිරිපත් කර එම වීඩියෝ යූ-ටියුබ් වෙබ් අඩවියේ ඇති තරඟයකට ඉදිරිපත් කරනවා. එම තරඟය තියෙන්නේ මිලියන දහයක් නරඹන පලමු වීඩියෝවට විශාල ත්‍යාග මුදලක් ලබා දීමටයි. ඒ අතරේ ව්‍යාපාරිකයෙක් විසින් මියාමි නගරයේ සංවර්ධන වැඩසටහනක් දියත් කරනවා. ඒ සංවර්ධන වැඩසටහන නිසා අපේ මේ නර්ථන කණ්ඩායමේ සාමාජිකයින්ට උන්හිටි තැන් අහිමි වෙන්නයි යන්නේ.. ඔවුන් එයට විරුද්ධ වෙන්න යොදා ගන්නෙත් මෙම නර්තන කල්ලි සම්ප්‍රදායයි. මේ අතරේ අර ව්‍යාපාරිකයගෙ එකම දුවත් හොරෙන් මෙම නර්තන කල්ලියට එකතු වෙනවා. එහෙම එකතු වෙන්නේ එයා වෙනත් නර්තන ආයතනයක රැකියාවක් කිරීමට අවශ්‍ය නර්තන සුදුසුකම් සපුරා ගැනීමටයි. ඒ අතරේ මේ එමලි නම් ගෑනු ලමයා මේ නැටුම් කණ්ඩායමේ ඉන්න ෂෝන් කියන අපේ ප්‍රධාන නළුවත් එක්ක පුංචි හාදකමකුත් ඇති කර ගන්නවා. කතාව නියමෙට ගලාගෙන යනවා..
ඉතින් අපේ මේ මියාමි වාසීන්ට ඔවුන්ගෙ නිවාස අර සංවර්ධන ව්‍යාපෘතිය නිසා නැති වේවිද? ඒ වෙනුවෙන් මේ අපේ නර්තන කල්ලිය මොන වගේ නැටුම් නටාවිද? ව්‍යාපාරිකයගෙ දුව තාත්තගෙ පැත්ත ගනීවිද, නැත්නම් කොල්ලගෙ පැත්ත ගනීවිද? ඔවුන්ට අර යූ-ටියුබ් වෙබ් අඩවියේ තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? ව්‍යාපාරිකයා මේ නර්තන කල්ලිය මැඩපවත්වන්න මොන වගේ පියවර ගනීවිද? වගේ පැණයන්ට පිළිතුරු චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!

Comments

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

Google Chrome සම්පූර්ණයෙන් Remove කරමු.

මම දන්නෙ නෑ මේක ඔබට විශේෂ වේවිද කියලා. කිසියම් Setting ගැටළුවක් මත මම Chrome සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරා. ඒත් පෙර පරිදිම Setting ක්‍රියාත්මක උණා. ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න. දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න. එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න. දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.                         %LOCALAPPDATA%\Google එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න. දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත. 

Copy කිරිල්ලෙන් ඔබේ බ්ලොගර් අඩවිය ආරක්ෂා කරගන්න.

පොඩි දෙයක් කරන්න තීන්නෙ. යන්න Edit HTML වලට (Design > Edit HTML). ගිහින් HTML බොක්ස් එකේ ඔක්කොම සිලෙක්ට් කරන්න. දැං මේ කොටස හොයාගන්න (Ctrl+F).  <body> පස්සෙ ඒ කොටස වෙනුවට පහත ටික පේස්ට් කරන්න.  <body onmousedown="return false" oncontextmenu="return false" onselectstart="return false"> කාටවත් බෑ ආයෙ ඔයාගෙ බ්ලොගෙන් කොපි පේස්ට් කරන්න. Post Closed!