Skip to main content

SLT යූසර්ලාට.



ඔබ බොහෝදෙනෙක් දැන් 25GB පැකේජයට මාරු වෙලා ඇති. අන්ලිමිටඩ් අයට මෙය එතරම් වැදගත් නොවූවත් ලිමිටඩ් හෝ සීමාවෙන් පසු මුදල් ගෙවන අයටත් මේ ලිපිය වැදගත්.

ඔය ගොල්ලොන්ගෙ රවුටර්වල බොහෝවිට යූසර්නේම් හා පාස්වර්ඩ් එක වන්නෙ admin, admin ඉතිං ඕනෑම කෙනෙකුට ඔයාගෙ රවුටරයට ලොග් වෙලා ISP යූසර්නේම් හා පාස්වර්ඩ් හොරකම් කරන්න පුළුවන් මෙය ඔබට ඉතාමත්ම අවාසිදායකයි.

ඔබේ සම්පත් වෙන පුද්ගලයකු භාවිතා කළ හැක. සමහර විට මේ වන විටත් ඔබ එයට ගොදුරු වී ඇත. ඔබ නොදැනුවත්ම ඔබේ Usage එක ඉහළ ගොස් නම්, එයට හේතුව මෙයයි.

ඔබට SLTලා දෙන සොච්චමත් වෙනකෙකු සූරා කනවා නම්,
වහාම ඔබගේ යූසර්නේම් හා පාස්වර්ඩ් මාරු කරගන්න.

බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ TP-LINK බවට අනුමානකොට පාස්වර්ඩ් වෙනස් කරන අයුරු පහත රූපයේ දක්වා ඇත.


Comments